Wednesday, 30 October 2019

විද්‍යුත් තැපෑලේ ආදිපත්‍ය දරන ගුගල් සහ ජී මේල්

විද්‍යුත් තැපෑලේ ආදිපත්‍ය දරන ගුගල් සහ ජී මේල් 

Image result for Google And Gmail

ලොව පුරා මිලියන 1.5 ක පරිශීලකයින් සමඟ , ලෝකයේ වැඩිපුරම භාවිතා වන විද්‍යුත් තැපැල් සැපයුම්කරු  බවට G MAIL  මේවන විට පත් වී ඇත . නමුත්   G MAIL යනු ලොව ප්‍රථම හෝ එකම විද්‍යුත් තැපැල් සේවා සපයන්නා නොවන බවද අපි හොදින් දනිමු .වසර 2004  අප්‍රේල් මාසයේදී  G MAIL ලොවට හදුන්වා දෙන විටත්  වසර 1990 දී  පමණ ලොවට හදුන්ව දුන් , HOT MAIL සහ YAHOO MAIL අන්තර්ජාල භාවිතා කරන්නන් අතර බෙහෙවින් ජනප්‍රිය  වී තිබිණි  .

වසර 1998 වන විට YAHOO MAIL සමග  සක්‍රිය ග්‍රාහකයින් මිලියන 12 පමණ සිටි අතරම වසර 1999 වන විට HOT MAIL සතුව සිටි සක්‍රිය ග්‍රාහකයින් ප්‍රමාණය මිලියන 30 පමණ බවට සදහන් වේ .

Image result for PAUL BUCHHEIT
PAUL BUCHHEIT

 වසර 1999 ගූගල් හි 23 වන සේවකයා ලෙස , සේවයට පැමිණෙන PAUL BUCHHEIT  තම 20 වන ව්‍යාපෘතිය ලෙස ඊමේල් ලෝකයට ගූගල් නිර්මාණය කරමින් සිටීයේය . එකල මෙම  ව්‍යාපෘතියේ "කැරිබෝ"  ලෙසින් හදුන්වනු ලැබූ අතරම ඒ සඳහා ඔහුට ප්‍රසංසාවට මෙන්ම විවේචනයටද ලක්වන්නට සිදු විය .  නමුත් අද වන විට ලෝකයේ වැඩිම ග්‍රාහකයින් පිරිසක් සහ ප්‍රශංසනීයම  විද්‍යුත් තැපැල් සේවයට හිමි වන කිර්තිය ගුගල් සමාගම  විසින් ලබාගෙන ඇත .
වසර 2000 පමණ වන විට විද්‍යුත් තැපැල් සේවාව ලබාදුන් බොහාමයක් ආයතනයන්  තම ග්‍රාහකයින්ට  ලබාදී තිබු මෙගාබයිට් 4 (4 MB ) පමණ වූ ගබඩා කිරීමේ පහසුව වෙනුවට ප්‍රථම වරට මෙගාබයිට් 1000 (1 GB) පමණ ගබඩා කිරීමේ පහසුකම් ලබා දෙමින් ග්‍රාහකයින් අතර ඉතාමත් වේගයෙන් ජනප්‍රිය වෙන්නට අවස්ථාව GOOGLE ,G MAIL විසින්  උදාකරගනු ලැබුවා.

Image result for javascript
JAVA SCRIPT

මෙම කාලවකවානුව වන විට විද්‍යුත් තැපැල් සේවය ලබාදුන් අනිකුත් සමාගම් විසින් බාවිතා  කරනු ලැබූ ප්‍රථමික පරිගණක භාෂා වෙනුවට,  JAVA SCRIPT පරිගණක භාෂාව උපයෝගී කරගනිමින් සේවාදායකයින්ට වඩාත් මිත්‍රශීලි මුහුණතක් සහ පහසු සේවාවක් ලබාදීමට GOOGLE ,G MAIL අවස්ථාව උදාකරගනු ලැබුවා .

වසර 2004 අප්‍රේල් 1 දින GOOGLE ,G MAIL සේවාව අරම්භ කරන විට ක්ෂේත්‍රයේ පැතිර ගිය තවත් රස කතාවක් වුයේ අප්‍රේල් 1 දින මෝඩයාගේ "FOOLS DAY" දිනය බැවින් මෙය ඉදිරියේදී අසාර්ථක වනු ඇති බවයි . නමුත් අද වන විට  GOOGLE ,G MAIL ලොව බිලියන ගණනක ජනතාවට නොහැකිවම බැරි සේවාවක් බවට පත්ව අවසන්ය .

Image result for FOOLS DAY

වසර 2012 පමණ විට GOOGLE සමගම ප්‍රකාශ කරනු ලැබුවේ , ඔවුන් සතුව මාසිකව  ක්‍රියාකාරී  ග්‍රාහකයින් මිලියන 425 ක් පමණ සිටින බවයි . මෙම කාල  වකවානුව වන විට GOOGLE වෙත ඇති ප්‍රධානම තරගකරුවන් වන   HOTMAIL සහ YAHOO MAIL මාසිකව ක්‍රියාකාරී ග්‍රාහකයින් පිරිස , පිළිවලින් මිලියන 360 සහ මිලියන 277 ලෙස දැක්විය හැක .







No comments:

Post a Comment