ලොවේ විශාලතම ගුවන් යානාව නිෂ්පාදනය නවතාදමයි
මෙතෙක් ලොව විශාලතම මගී ගුවන් යානාව ලෙස සැලකු එයාර් බස් සමාගම මගින් නිෂ්පාදනය කෙරු A380 ගුවන් යානා මින් ඉදිරියට නිෂ්පාදනය කිරීම අත්හිටවනු ලබන බව එයාර් බස් සමාගම පවසයි . එම ගුවන් යානා සඳහා තිබු ඉල්ලුම පහල බැසීම එයට හේතුවූ බවද රෝයිටෙර් පුවත් සේවය සමග අදහස් දක්වමින් ඔවුන් ප්‍රකාශ කර ඇත.
සාමාන්‍ය පන්තියේ මගින් 544 දෙනකුට ගමන් කල හැකි , තට්ටු දෙකකින් සමන්විත වූ මෙම ගුවන් යානාවේ අවසන් ගුවන් යානාව 2021 පමණ වන විට ගැනුම් කරුවන් සඳහා සුදානම් වන බවද , එය මෙම ගුවන් යානාවේ අවසන් නිෂ්පාදනය වන බවද පවසා ඇත .
තවද , මෙවැනි තීරණයක් ගැනීමට බලපෑ ආසන්නම හේතුව ලෙස පවසන්නේ , එමිරේට්ස් ගුවන් සමාගම මගින් ඔවුන් වෙත ලබාදී තිබු ඇනවුම් අත්හිටුවීමට තීරණය කිරීම බවද පැවසී .
එම නිෂ්පාදනයන් වෙනුවෙන් සමාගම විසින් අදික ආයෝජනයක් සිදුකර තිබු බැවින් එමිරේට්ස් ගුවන් සමාගම ගනු ලබූ තීරණය ,එයාර් බස් සමාගමට දැඩි කම්පනයක් ගෙනදුන් තීරණයක් බවද ,එම සමාගමේ ප්‍රධාන විධායක ටොම් එන්ඩරස් මහතා වැඩි දුරටත්ප වසයි .

No comments:
Post a Comment