Tuesday, 10 March 2020

ජැක් මා , නැවතත් ආසියාවේ පළමු තැනට

ජැක් මා , නැවතත් ආසියාවේ පළමු තැනට 

Image result for jack maලෝකප්‍රසිධ අලිබබා සමාගමේ
 නිර්මාතෘ "ජැක් මා"  නවතම සමීක්ෂණ වලට අනුව නැවතත් ආසියාවේ කෝටිපති ලයිස්තුවේ පළමු තැන හිමි කරගැනීමට  සමත්ව තිබෙනවා . 

ඒ ඉන්දියාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික මුකේෂ් අම්බානි ව දෙවැනි තැනට පත්කරමින් .මුකේෂ් අම්බානි ගේ ශුද්ධ වත්කම් වල අගයට වඩා, බිලියන  2.6 ක් ඉදිරියෙන් සිටිමින්. මේ වන විට  අලිබබා සමාගමේ නිර්මාතෘ ජැක් මා ගේ ශුද්ධ වත්කම් වල අගය ඇමරිකානු ඩොලර් බිලියන 44.5 ලෙස ගණන් බලා  තිබෙනවා.

Image result for mukesh ambani ඒ , පසුගිය සඳුදා දිනයේදී ,ලෝක තෙල් මිලෙහි දැවැන්ත පසු බැසීමත් සමග ඉන්දියාවේ මුකේෂ් අම්බානි ගේ සමාගම් සමුහයට අයත් ටැයිකුන් නම් සමාගම ට සිදුවූ ඩොලර් බිලියන 5.8 ශුද්ධ වත්කම් වල අගය පහල යාමත් සමගයි .

අම්බානි සතු සමාගම් කොටස් වල අගය මේ වසර තුලදී 26 %   ක් දක්වා පසු බස්වමින් එදින පමණක් සිදුවූ අගය පහල බැසීම සියයට 12 ක අගයක් ගෙන තිබුණා. වසර 2008 පසුව ඇමරිකානු  මුල්‍ය වෙළඳපොළ ගනු දෙනු තුල විශාලතම කඩ වැටීම ද පසු ගිය සඳුදා දින ලෙස සැලකෙනවා. 

No comments:

Post a Comment