Thursday, 23 April 2020

ලෝකප්‍රසිධ ඉන්ටෙල් සමාගමේ අදායම් වාර්තා ඉදිරියෙන්

ලෝකප්‍රසිද්ධ  ඉන්ටෙල් සමාගමේ අදායම් වාර්තා ඉදිරියෙන් 

Apple definisce l'acquisizione dei modem di Intel - Data Manager ...

අප්‍රියල් මස 23 වෙනි දින ප්‍රසිද්ධ කරන ලද ඉන්ටෙල් සමාගමේ  නවතම අදායම් වාර්තාවන් , මේ පිලිබදව පුරෝකථනයන් කර තිබු දත්තයන් අභිබවා ඉදිරියට පැමිණීමට සමත් වී ඇත . 
මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින් පුරෝකථනය කර තිබුනේ ඉන්ටෙල් සමාගමේ 2020 වසරේ පළමු කාර්තුවට  අදාල කොටසකට ඉපැයීම්  $1.28 සහ සමාගමේ මෙම වසරේ මුල් කාර්තුවේ අදායම ඩොලර් බිලියන $18.63 පමණ වෙනු ඇති බවයි .

නමුත් පසුගිය 23 වෙනි දින එලි දැක්වූ ඉන්ටෙල්  සමාගමේ නවතම අදායම් වාර්තාවන්ට අනුව සමාගමේ මුල් කාර්තුවේ කොටසක ඉපැයිම් ඇමරිකානු ඩොලර් 1.45 සහ සමාගමේ පළමු කාර්තුවේ අදායම ඇමරිකානු ඩොලර් බිලියන 19.83 ලෙස සටහන් වෙයි .


Intel shares drop, three-year outlook seen lagging rivals2019 වසරේ මුල් කාර්තුවේ මෙම අගයන් සටහන් වූයේ , කොටසක ඉපැයිම් ඇමරිකානු ඩොලර් 0.89 සහ සමාගමේ පළමු කාර්තුවේ අදායම ඇමරිකානු ඩොලර් බිලියන16.06 ලෙසයි. කෙසේ වෙතත් මෙම ක්ෂේත්‍රයේ විශේෂඥයින් 2020 වසරේ දෙවෙනි කාර්තුව සඳහා සමාගමේ කොටසක ඉපැයිම් සහ  සමාගමේ දෙවෙනි  කාර්තුවේ අදායම  පුරෝකථනය කරනු ලබන්නේ  කොටසකට ඉපැයීම්  ඇමරිකානු ඩොලර් 1.19 සහ අදායම ඇමරිකානු ඩොලර් බිලියන  17.71 ලෙසයි . 

මෙම වසරේ ආරම්භයේදී ඉන්ටෙල් සමාගමේ කොටසක අගය සියයට 1 පමණ පහල බැසීමට ලක්වුණ  අතරම  පසු ගිය සති 52 කාලයේදී වාර්තා වුන සමාගමේ කොටසක ඉහලම අගය වූ ඇමරිකානු ඩොලර් 69.29 හා සසදන විට සමාගමේ කොටසක වර්තමාන අගය වෙන 59.04 යනු ප්‍රතිශතයක් ලෙස සියයට 14.72 පමණ පහල යාමකි .



No comments:

Post a Comment